BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ගංවතුර සහ නායයාම් මැද ඉදිරි පැය 24 තුළ කාලගුණයට කුමක් වෙයි ද?
ඉදිරි පැය 48ක කාලය තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වල මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැළණි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු අඟවීම ද ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඉඩ දෙනවා ද? නැද්ද?: අධිකරණය දුන් නියෝගය
මෙහිදී විනිසුරුවරුන් ප්‍රශ්නයක් මතු කරමින් මෙම පෙත්සමේ අවසානාත්මක ඉල්ලීම සහ අතුරු තහනම් නියෝගය සමාන තත්ත්වයක පවතින හෙයින් පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට හැකියාවක් තිබේ දැයි ප්‍රශ්න කළේ ය.
යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
වත්කම් හා බැරකම් ප්‍රකාශ 'වෙනත් කටයුතු සඳහා භාවිතය තහනම් කිරීම' ඇතුළුව දූෂණ විරෝධී පනතට ගෙන ඒමට යන සංශෝධන මොනවා ද?
දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධනය මගින් වත්කම් ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ඍණාත්මක වෙනස්කම් දෙකක් සිදුකර ඇති බවත් එය ප්රජාතන්ත්රවාදී විවෘතභාවය සහ දූෂණ විරෝධය සම්බන්ධයෙන් සිදුකරන බරපතළ පසුබැසීමක් බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නීතිය සහ ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රධානී, නීතිඥ සංඛිතා ගුණරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවා ය.
මත්ද්‍රව්‍ය, මැර කල්ලි, ඝාතන සහ පොලිස් මෙහෙයුම් මැද බීබීසී කැමරාවට හසුවූ ඉක්වදෝරයේ භීෂණය
ඉක්වදෝරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අනුව, පසුගිය වසරේ එරට මිනීමැරුම් අනුපාතය ලොව ඉහළ ම අගයන් අතරින් එකක් වූ අතර, පුද්ගලයන් 9,200කට වැඩි පිරිසක් ඝාතනය වී තිබිණි. ඒ, පසුගිය වසර දෙක පුරා ජනාධිපති නොබෝවා විසින් එය මැඩ පැවැත්වීම සඳහා දැඩි පියවර ගෙන තිබුණු පසුබිමක ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
මූලික අයිතිවාසිකම් කඩවීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන්නේ කෙසේ ද?
මූලික අයිතිවාසිකම් යනු අපට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ම සහතික කර ඇති අයිතීන් ය. ඒවා විධායකය හෝ රජය නිලධාරීන් අතින් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ අවස්ථාව ඔබට තිබේ. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
සුරේෂ් සලේ වෙනුවෙන් දින 7ක් කළ කරුණු දැක්වීම අවසන්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
"ස්වාමීනී... පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුණු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුණු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනක ම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුණු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..."
ලෝකයට නැතිවම බැරි මෙට්‍රෝ දුම්රිය ශ්‍රී ලංකාවට නොගැළපෙනවා ද?
මෙට්‍රෝ (metro), සබ්වේ (subway), ටියුබ් (tube) , අන්ඩර්ග්‍රවුන්ඩ් (underground) හෝ MRT යනු දියුණු රටවල වෙසන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඒවා එම ජනතාවගේ ජීවිත හා බැඳුණු නැතිවම බැරි සේවාවකි. එම රටවල මහජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ලන්නේ, මෙම දුම්රිය සේවවාන්ය.
'මායාවන්ගෙන් සහ මනුෂ්‍යත්වයෙන් පිරුණු' The Odyssey චිත්‍රපටය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්
මැට් ඩේමන්, ඈන් හැතවේ සහ ටොම් හොලන්ඩ් රංගනයෙන් දායක වන, ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණය සිනමාහල් තුළ ප්‍රදර්ශනය වෙමින් පවතින මොහොතක මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චිත්‍රපටය ගැන ඔබ දැන සිටිය යුතු විශේෂ කරුණු 5ක් පිළිබඳව ය.
දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති
පාරිභෝගික භාණ්ඩ කිහිපයකට අදාළව නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව සබන්, සැකසු දියර කිරි සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධව මෙසේ නව රෙගුලාසි කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

